About Us

දැක්ම

ශ්‍රී ලංකාවේ දුගීබව දුරලීම හා ස්වාදීනව සිතිය හැකි ක්‍රියාකළ හැකි ජාතික සමගිය අගයන ශ්‍රී ලාංකීය ජනතාවක් බිහිකිරීම.

අරමුණු

නිදහසෙන් පසු ලංකාවේ ආර්ථික හා සාමාජික ගමන් මග විශාල කඩා වැටීමකට ලක් විය. ඇති නැති පරතරය, වාර්ගික බෙදීම, කුලවාදය ආදී සමාජ ප්‍රශ්න නිර්මාණය වූ අතර එයට ප්‍රතිවිරෝධය ඇති කළ ශ්‍රී ලාංකික තරුණයක් විශාල ප්‍රමාණයක් රටට අහිමි විය.

ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුව, ජාතික සමගිය යන කාරනා පිළිබඳ දේශපාලන පක්ෂ කෙතරම් ප්‍රගතින් දැක්වුවද බහුතර ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් අහර, නිවාස, සෞඛ්‍ය, වස්ත්‍ර අධ්‍යාපන ආදී අංශයන් සම්පුර්ණ නොවීම මත දුගී තත්වයට පත්ව ඇත. ජාතිබේද දුරලා එකම රටක පුරවැසියන් ලෙස ලාංකිකයන් එකතු වීම වෙනුවට සිංහල, දෙමල, මුස්ලිම් ලෙස ජාතින් බෙදා වෙන් කර ඇත. ජාතීන්ගේ බෙදීම යනු ගැටුම් රාශියක් ඇතිවීමයි.

එය සියලු ශ්‍රී ලාංකිකයින් ඇත්විද තිබේ. මෙම තත්ත්වය ලංකාවේ ඉදිරි ගමන් මගට විශාල අනතුරකි. එය දුරු කිරීම උදෙසා විදෙස්ගත ලාංකීය පුරවැසියන්ගේ පුර්ණ ආධාරය හා උපදේශකත්වය මත නිදහස් චින්තනයකින් යුත් ජාතියක් බිහිකිරීම හා ජිවන ගැටළු අවම කිරීම ලාංකීය දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සම්පුර්ණ කිරීමට කටයුතු කිරීම විශේෂයෙන්ම ලෝක ප්‍රවනතා හඳුනා ගැනීමට මෙරට දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් ඇති කිරීම මේ අතර ප්‍රධාන වේ.

එසේම සියලු ආගමික නායකයන් මෙම යහපත් කටයුත්තට දායක කර ගැනීමද අප විසින් සිදු කරනු ලබයි. ඒ ඒ ආගමික ධර්මයන් තුල ඇති සාමය, සහජීවනය ඇති කිරීමට ඇති දේශනා මිනිසුන්ගේ ජිවිත තුලට බද්ධ කරලීමට කටයුතු කරන ලෙස අප විසින් සියලු ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටිමු. ජාතික සමගිය අගයන, එකිනෙකට මනුෂ්‍යත්වයෙන් යුක්තව සලකන ශ්‍රී ලංකික පුරවැසියන් පිරිසක් මෙරට ඇති කිරීම අපගේ අරමුනයි.

අපගේ සමාජ සත්කාරයන්

  • ලේ දැන් දීමේ වැඩසටහන්
  • අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රධානයන්
  • සලාක සහනාධාර
  • හදිසි ආපදා අවස්ථා සහනාදාර
  • ක්‍රීඩා භාණ්ඩ ප්‍රධානයන්
  • අධ්‍යාපන උපකරණ ප්‍රධානයන්
  • ඖෂධ හා උපකරන ප්‍රධානයන්
  • වෙනත් ආදාර හා ප්‍රධානයන්